එංගලන්තය වසර 16කට පසු පාකිස්තානයට

Date:

වසර 16කට පසු පාකිස්තාන තරග සංචාරයකට එක්වීමට එංගලන්ත කණ්ඩායම සූදානම් බව අද(18) නිල වශයෙන් තහවුරු කෙරුණා.

ඒ අනුව ඔවුන් ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දී 20යි 20 තරග 2ක් ක්‍රීඩා කිරීම සදහා පාකිස්තානයට පැමිණෙනු ඇති.

එම තරග දෙකම කරච්චි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලානයට පෙරහුරුවක් වශයෙන් ද එම තරග දෙක යොදා ගැනෙනු ඇති.

මීට පෙර පාකිස්තානය විසින් එංගලන්තයට ආරාධනා කර තිබුණේ අදාළ තරගාවලිය සදහා ලබන ජනවාරි මාසයේ දී එරටට පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියට එංගලන්ත ක්‍රීඩකයින් රැසක් එක්ව සිටීම හේතුවෙන් අදාළ තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇති බව සදහන්.

මේ අනුව එංගලන්ත කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින දෙකකට පෙර පාකිස්තානයට ළගා වන බවත්, 20යි 20 තරග දෙක ඔක්තෝබර් 14 සහ 15 යන දිනයන්හී දී පැවැත්වෙන බවත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

20යි 20 ලෝක කුසලානයට සහභාගී වීම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම ඉන්දියාවට පිටව යන්නේ ඔක්තෝබර් 16 වනදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...