එංගලන්තය පරදා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගනියි

Date:

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු දෙකක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද(5) සමත් වුණා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලැබූ ජයත් සමග ඔවුන් තරග 5කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 2-1ක් ලෙස පෙරමුණ හිමි කර ගැනීමට ද සමත්ව තිබෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 34.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 114ක් පමණයි.

පන්දු යැවීමේ දී නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 13කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 44ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 115ක් ලබා තරගයේ ජය තහවුරු කර ගත්තා.

අංජල බණ්ඩාර ලකුණු 29ක් හා දුනිත් වෙල්ලාලගේ ලකුණු 18ක් රැස් කළා.

  • ක්‍රිකට් පුවත් එසැණින් ඔබගේ ජංගම දුරකතනයට ලබා ගැනීම සදහා එක්වන්න අපගේ whatsapp Group සමගින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...