එංගලන්තය ජයග්‍රහනයට ලකුණු 291ක් පිටුපසින්; රාහුල්ට අයි.සී.සීයෙන් දඩ

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(5) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු කණ්ඩායම් දෙකටම දෝලනය කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 368ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 77ක් ලබා සිටියා. ඒ, තරගයේ අවසන් දිනය වඩාත් තරගකාරී දිනයක් බවට පත් කරමින්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි හසීබ් හමීඩ් ලකුණු 43ක් හා රෝරි බර්න්ස් ලකුණු 31ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව මෙම තරගයේ දී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 290ක් රැස් කළ එංගලන්තයට තරගයේ අවසන් දිනයේ දී තරගය ජය ගැනීමට නම් තවත් ලකුණු 291ක් ලබා ගත යුතුයි.

සිව්වැනි දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 270ක් රැස් කර සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී ලකුණු 466ක් රැස් කළා. ඒ, තරගයේ පළමුවෙන් පන්දුවට පහර දී ඔවුන් ලකුණු 191ක් පමණක් ලබා ගත් පසුබිමකයි.

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් රෝහිට් ෂර්මා ලකුණු 127ක් රැස් කළ අතර, චෙටස්වර් පුජාරා ලකුණු 61යි. ශර්දුල් තාකූර් ලකුණු 60ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 50ක් ලබා ගත්තා. මෙම තරගාවලියේ දී යළිත් අසාර්ථක වූ අජින්කෙයා රහානේ ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්. කේ.එල් රාහුල් ලකුණු 46කට හා විරාට් කෝලි ලකුණු 44කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 3ක් දවා ගත් අතර, ඔලී රොබින්සන් හා මොයීන් අලී අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මේ අතර, අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල් රාහුල්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, ඉන්දු – එංගලන්ත සිව්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ඔහු දැවී යාමෙන් පසුව අදාළ විනිසුරු තීරණයට අප්‍රසාදය පල කිරීම හේතුවෙන්.

ඒ අනුව කේ.එල් රාහුල්ට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් හා එක් දඩුවම් ලකුණක් ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...