එංගලන්තයේ වාර්තාගත ජයත් සමග අළුබදුන 6-6 ක් ලෙස සම වෙයි

Date:

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු දෙකක වාර්තාගත ජයක් ලබමින් අළුබදුන තරගමාලාව ප්‍රසාද ලකුණු 6-6 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්වුණා.

බ්‍රිස්ටල් හි පැවති තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 263 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ඉනිම නිමා  වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

මෙය එංගලන්ත කාන්තා කණ්ඩායම එක්දින තරගයක් ජය ගැනීම සඳහා සාර්ථකව හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

Heather Knigh නොදැවී ලකුණු 75 ක් ලබා ගත් අතර, Tammy Beaumont ලකුණු 47 ක් ද, Alice Capsey ලකුණු 40 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Ashleigh Gardner ලකුණු 42 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Beth Mooney නොදැවී ලකුණු 81 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Lauren Bell හා Nat Sciver-Brunt කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අලුබදුන තරඟ මාලාවේ ටෙස්ට් තරඟය සහ පළමු විස්සයි විස්ස තරගය ජය ගනිමින් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 6-0 ක් ලෙස එක් අවස්ථාවක පෙරමුණේ පසු වූ නමුත් එංගලන්තය අවසන් 20යි 20 තරග දෙක සහ පළමු එක්දින තරඟය ජය ගනිමිනුයි මේ වන විට අලුබදුන තරගමාලාව ජය ගැනීම පිළිබඳ සිය බලාපොරොත්තු ඉහළ මට්ටමකට රැගෙන ඒමට සමත්ව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...