ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් එංගලන්තයට හිමිව තිබූ ප්‍රසාද ලකුණු දෙකක් කපා හැරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ, නවසීලන්තය සමඟ ඊයේ(14) නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවාර යවා නිමා කිරීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.
නියමිත කාලය තුළ දී යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාවට වඩා ඔවුන් පන්දුවාර දෙකක් පිටුපසින් පසු වීම හේතුවෙනුයි තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් මෙලෙස එංගලන්ත කණ්ඩායමට දඩුවම් නියම කර ඇත්තේ.
ඒ අනුව නවසිලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී දී ලැබූ විශිෂ්ට ජයග්රහණයෙන් පසුව ප්‍රසාද ලකුණු 42කට හිමිකම් කියූ එංගලන්තයට මේ වන විට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 40ක් පමණයි
ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය ද 25% සිට 23.8% දක්වා පහත වැටී තිබෙනවා.
මීට අමතරව එංගලන්ත ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.
එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් විසින් අදාළ වරද සහ ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

