ඉනෝකාගේ විශිෂ්ඨ පන්දු යැවීම අපතේ යයි ; පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට ජය

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අද(1) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 48.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 171ක්.

නිලක්ෂි ද සිල්වා ලකුණු 43ක් වාර්තා කළ අතර, හසිනි පෙරේරා ලකුණු 37යි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 28කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Renuka Singh හා Deepti Sharma කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Harmanpreet Kaur ලකුණු 44ක්, Shafali Verma ලකුණු 35ක් හා Harleen Deol ලකුණු 34ක් ලබා ගත්තා. Deepti Sharma නොදැවී ලකුණු 22ක් ද, Pooja Vastrakar නොදැවී ලකුණු 21ක් ද ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත්තා. ඔෂධී රණසිංහ ලකුණු 34කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...