ඉන්දු-ශ්‍රී ලංකා තරග 6 ගැන ඇහෙන අලුත්ම පුවත මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක් ක්‍රීඩා කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (BCCI) යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වෙන අයි.සී.සී රැස්වීම අතරතුරදී ඒ සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් ආයතන අතර වැඩිදුරටත් සාකච්ඡා සිදු වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත මෙම තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඉඩ තිබෙනවා.

මෙම යෝජනාවට ඉන්දියාව එකග වුවහොත් තරගාවලිය කොළඹදී හා මහනුවරදී පැවැත්වීමට ඉඩ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එක්දින තරග 3 ක් හා විස්සයි 20 තරග 3 ක් මෙරට දී පැවැත්වීමට පළමුව යෝජනා වී තිබූ නමුත්, 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් විස්සයි 20 තරග සදහා වැඩි ප්‍රමුඛතාවයක් මෙම තරගාවලියේදී ලබා දීමට අවධානය යොමුව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම තරග සංචාරය සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එකගතාවය පල නොකරනු ඇති බවයි.

ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය කල් දැමීමට ගත් තීරණයත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට ගත් තීරණයත් හේතුවෙනුයි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සීමිත පන්දුවාර තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා මෙරට ක්‍රිකට් ආයතනයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...