ඉන්දියාව හමුවේ බංග්ලාදේශයට තවත් අමිහිරි පරාජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 5 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(2) සමත් වුණා.

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට ලකුණු 185 ක ඉලක්කයක් හිමි වූ අතර, ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ලිටොන් දාස් හා නජ්මුල් හොසේන් පන්දුවාර 7 කදී ලකුණු 66 ක් බංග්ලාදේශ ලකුණු පුවරුවට එක් කළා. අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවීමට සිදු වුණා.

පසුව තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 16 ක් තුළ බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 151 ක්. කෙසේ වෙතත්, වර්ෂාවෙන් සිදු වූ බාධාවීමෙන් අනතුරුව සිය රිද්මය ගිලිහී ගිය බංග්ලාදේශයට පන්දුවාර 16 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 145 ක් පමණයි.

ලිටොන් දාස් පන්දු 27 කින් ලකුණු 60 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාම තරගයේ පාලනය බංග්ලාදේශයෙන් ගිලිහී යාමට හේතු වුණා. අනතුරුව කිසිදු පිතිකරුවෙකුගෙන් වගකීම් සහගත සාර්ථක ඉනිමක් දැක ගත හැකි වූයේ නැහැ. නජ්මුල් ලකුණු 21 කට දැවී ගිය අතර, ශකිබ් අල් හසාන් ලකුණු 13 යි. නුරුල් හසාන් පන්දු 14 කින් නොදැවී ලකුණු 25 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුවත්, එය සාර්ථක වූයේ නැහැ.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට බංග්ලාදේශයට ලකුණු 20 ක් අවශ්‍ය වූ නමුත්, බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ ලකුණු 14 ක් පමණයි.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 28 කට කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 184 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

රෝහිට් ෂර්මා ලකුණු 2කට දැවී ගිය අතර, කේ එල් රාහුල් පන්දු 32 කින් ලකුණු 50 ක් රැස් කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් සමගින්.

සූර්යකුමාර් යාදව් ලකුණු 30(16) යි. යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාට් කෝලි පන්දු 44 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 64 ක්. හයේ පහරක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 6 කින් නොදැවී ලකුණු 13 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් ලකුණු 47 කට කඩුලු 3 ක් දවා ගත්තා. ශකිබ් අල් හසාන් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 33 ක් ලබා දෙමින්.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...