ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණ ගනියි

Date:

ජෙෆ්රි වැන්ඩර්සේගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (4) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලකුණු 240 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 42.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණයි.

ඒ, ඉන්දීය ආරම්භක කඩුල්ල සදහා ෂුබ්මන් ගිල් හා රෝහිත් ෂර්මා අතර ලකුණු 96 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු පසුබිමකයි.

රෝහිත් ෂර්මා ලකුණු 64(44) ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 35(44) ක් ලබා ගත්තා. අක්සාර් පටෙල් ලකුණු 44 යි. වොෂින්ටන් සුන්දර් ලකුණු 15 කටත්, විරාත් කෝලි ලකුණු 14 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 33 කට කඩුලු 6 ක් දවා ගත්තා. චරිත් අසලංක කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා ‍දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස් ලකුණු 40 බැගින් ලබා ගත්තා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 කට දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 25 යි.

වොෂින්ටන් සුන්දර් ලකුණු 30 කට කඩුලු 3 ක් ද, කුල්දීප් යාදව් ලකුණු 33 කට කඩුලු 2 ක් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...