ඉන්දියාව අභිබවා ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ඔස්ට්‍රේලියාවට

Date:

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව අද(6) සමත් වුණා.

ඒ, පාකිස්තානය සමග අද සිඩ්නි හී දී නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඕස්ට්‍රේලියාව තරග අටකට ක්‍රීඩා කර මේ වන විට හිමි කර ගෙන ඇති ලකුණු ප්‍රතිශතය 56.25%.

ඔස්ට්‍රේලියාව හමුවේ තරග 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වූ පාකිස්තානයට 36.66% ලකුණු ප්‍රතිශතයක් සමග මේ වන විට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගයෙන් ලැබූ ජයත් සමග ඉන්දියාව මෙතෙක් ටෙස්ට් ශූරතාවලියේ පළමු ස්ථානයේ පසු වූ අතර, ඔවුන් මේ වන විට රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේයි. ඒ, 54.16 % ක ලකුණු ප්‍රතිශතයක් සමගින්.

දකුණු අප්‍රිකාව මේ වන විට නවසීලන්තය හා බංග්ලාදේශය සමග සම තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. එම රටවල් තුනම හිමි කර ගෙන ඇති ලකුණු ප්‍රතිශතය 50% ක්.

මේ අතර, නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ඔස්ට්‍රේලියාව සමත්ව ඇත්තේ ඉන්දියාව දෙවැනි ස්ථානයට ඇදදමමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...