බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම මෙරට වේලාවෙන් අද (28) අලුයම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරඟයෙන් ඉන්දීය කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 119ක ජයක් ලැබීමත් සමඟයි.
ට්‍රිනිඩෑඩ් හි පැවති තරඟයේ කාසිය වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
කෙසේ වෙතත් ඔවුන්ගේ ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව ඉන්දීය ඉනිම අතරවාරයේදී තරඟයේ එක් ඉනිමක් පන්දුවාර 40 ට කට සීමා කිරීමටයි තීරණය කෙරුණේ.
කෙසේ වෙතත්, වර්ෂාවෙන් යළි බාධා එල්ල වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකි හැකි වූයේ පන්දුවාර 36ක් පමණයි.
ඒ වන විට ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටියා.
ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 98 යි. නායක ශිකර් ධවාන් ලකුණු 58ක් රැස් කළ අතර, ෂ්රෙයස් අයියර් ලකුණු 44 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී හෙයිඩ්න් වොල්ෂ් කඩුලු 2ක් දවා ගත් අතර, අකීල් හොසෙයින් කඩුල්ලක් බිද හෙලුවා.
අනතුරුව කොදෙව්වන්ට තරගය ජය ගැනීම සඳහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 35 ක දී හිමි වූ ඉලක්කය ලකුණු 257ක්.
නමුත් කොදෙව්වන්ට පන්දුවාර 26 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.
බෙන්ඩන් කිංග් හා නායක නිකලස් පූරාන් ලකුණු 42 බැගින් රැස් කළා. ෂේයි හෝප් ලකුණු 22යි.
පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 17 කට කඩුලු 4ක් බිද හෙලුවා. මොහමඩ් සිරාජ් හා ශර්දුල් තාකූර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

