සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රෙයිග් බ්රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් අතර, ටෙස්ට් සංචිතය සදහා පළමු වරට වමත් පිතිකරු Kirk McKenzie නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Rahkeem Cornwall හා Jomel Warrican යළි සංචිතය සදහා කැදවා ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙතෙක් ටෙස්ට් වරම් දිනා ගැනීමට නොහැකි වූ Alick Athanaze ද සංචිතයේ ස්ථානය තවදුරටත් රැක ගැනීමට සමත්ව තිබෙනවා.
පිට කොන්ද ආශ්රිත ආබාධයකින් අනතුරුව පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටින Gudakesh Motie සංචිතය සදහා ඇතුළත් කර නැහැ.
සුළු ආබාධවලට ලක්ව සිටි Kyle Mayers හා Jayden Seales පූර්වාරක්ෂාවක් ලෙස මෙම සංචිතයට නම් කර නැහැ.
දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජූලි 12 වැනිදා ඩොමිනිකා හී දී ආරම්භ වීමට නියමිතයි.
West Indies squad for first Test:
Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Alick Athanaze, Tagenarine Chanderpaul, Rahkeem Cornwall, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Alzarri Joseph, Kirk McKenzie, Raymon Reifer, Kemar Roach, Jomel Warrican.
Traveling reserves:
Tevin Imlach, Akeem Jordan

