ඉන්දියාවට අමුතු නීතියක් සමග කාන්තා T20 ලෝක කුසලානයේ සංශෝදිත තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංශෝදිත තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(26) නිවේදනය කළා.

ඒ, තරගාවලිය බංග්ලාදේශයේ නොවපත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ගත් තීරණයත් සමගයි.

තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා ඩුබායි හා සාජා හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, එම කාණ්ඩ දෙකට අයත් කණ්ඩායම්වල කිසිදු වෙනසක් සිදු කර නැහැ. ඒ අනුව ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන්ම තරග වදිනවා.

රටවල් කාණ්ඩ ගත කර ඇති අයුරු –

  • Group A: Australia, India, New Zealand, Pakistan, Sri Lanka
  • Group B: South Africa, England, West Indies, Bangladesh, Scotland

සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

ඔක්තෝබර් 17 වැනිදා හා 18 වැනිදා අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිතයි. ඔක්තෝබර් 20 වැනිදා අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඩුබායිහීදීයි.

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගතහොත් ඔවුන් පළමු අවසන් පූර්ව තරගය සදහා ක්‍රීඩා කරන බව අයි.සී.සීය නිවේදනය කළ අතර, වෙනත් කිසිදු රටකට එවැනි නීතියක් බලපැවැත්වෙන්නේ නැහැ. 2024 පිරිමි පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ඉන්දියාවට මේ ආකාරයෙන්ම තරගාවලිය ආරම්භ වීමටත් පෙරම දෙවැනි අවසන් පූර්ව තරගය වෙන් කර දී තිබුණා.

අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය වෙනුවෙන් අතිරේක දින වෙන් කර තිබෙනවා. තරගාවලියට ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 23 ක්.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 3 වැනිදා පාකිස්තානයට එරෙහිව සාජා හී දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

  • 3 October, Thursday, Bangladesh v Scotland, Sharjah, 2 PM
  • 3 October, Thursday, Pakistan v Sri Lanka, Sharjah, 6 PM
  • 4 October, Friday, South Africa v West Indies, Dubai, 2 PM
  • 4 October, Friday, India v New Zealand, Dubai, 6 PM
  • 5 October, Saturday, Bangladesh v England, Sharjah, 2 PM
  • 5 October, Saturday, Australia v Sri Lanka, Sharjah, 6 PM
  • 6 October, Sunday, India v Pakistan, Dubai, 2 PM
  • 6 October, Sunday, West Indies v Scotland, Dubai, 6 PM
  • 7 October, Monday, England v South Africa, Sharjah, 6 PM
  • 8 October, Tuesday, Australia v New Zealand, Sharjah, 6 PM
  • 9 October, Wednesday, South Africa v Scotland, Dubai, 2 PM
  • 9 October, Wednesday, India v Sri Lanka, Dubai, 6 PM
  • 10 October, Thursday, Bangladesh v West Indies, Sharjah, 6 PM
  • 11 October, Friday, Australia v Pakistan, Dubai, 6 PM
  • 12 October, Saturday, New Zealand v Sri Lanka, Sharjah, 2 PM
  • 12 October, Saturday, Bangladesh v South Africa, Dubai, 6 PM
  • 13 October, Sunday, England v Scotland, Sharjah, 2 PM
  • 13 October, Sunday, India v Australia, Sharjah, 6 PM
  • 14 October, Monday, Pakistan v New Zealand, Dubai, 6 PM
  • 15 October, Tuesday, England v West Indies, Dubai, 6 PM
  • 17 October, Thursday, Semi-final 1, Dubai, 6 PM
  • 18 October, Friday, Semi-final 2, Sharjah, 6 PM
  • 20 October, Sunday, Final, Dubai, 6 PM

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...