ඉතිහාසය වෙනස් කළ සැමුවෙල්ස් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව්වන්ට දෙවරක් පන්දුවාර 20යි 20 ලෝක ශූරතාවය දිනා දීම සදහා සුවිශේෂී දායකත්වයක් දැක් වූ මාර්ලන් සැමුවෙල්ස් වෘත්තීය ක්‍රිකට් පිටියෙන් සමු ගෙන තිබෙනවා.

39 හැවිරිදි ඔහු පසුගිය ජූනි මාසයේ දී ඒ බව කොදෙව් ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

2018 වසරේ දෙසැම්බර් 14 වනදා බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කළ එක්දින ජාත්‍යන්තර තරගයෙන් අනතුරුව මාර්ලන් සැමුවෙල්ස් මෙතෙක් කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

2012 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් නොතිබූ ජයග්‍රහනයක් කොදෙව්වන්ට ගෙන ඒමට ඔහු දැක් වූ දක්ෂතාවය 20යි 20 ඉතිහාසයේ පිතිකරුවෙකු ක්‍රීඩා කළ විශිෂ්ඨතම ඉනිමක් ලෙස ද සැලකෙනවා.

එහිදී ඔහු පන්දු 56කින් ලකුණු 78ක් රැස් කළේ ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් වැනි සුපිරි පන්දු යවන්නන්ට ද කිසිදු පැකිලීමකින් තොරව පන්දුවට පහර දෙමින්.

ඉන් වසර 4කට පසුව එංගලන්තයට එරෙහිව 2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ද විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔහු සමත් වුණා.

එම තරගයේදී මාර්ලන් සැමුවෙල්ස් පන්දු 66කින් ලකුණු 85ක් රැස් කළ අතර, 2012 සහ 2016 20යි 20 ලෝක කුසලාන ද්විත්වයේම අවසන් තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

ඒ අනුව අයි.සී.සී ලෝක මට්ටමේ තරගාවලි ද්විත්වයක අවසන් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ක්‍රීඩකයා ලෙසයි සැමුවෙල්ස් ඉතිහාසගත වුණේ.

ඔහු ටෙස්ට් තරග 71ක්, එක්දින තරග 207ක් සහ 20යි 20 තරග 67ක් සදහා කොදෙව්වන් වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ශතක 17ක් ද සමගින් ලකුණු 11,134ක් රැස් කිරීමට සමත් වී තිබුණා.

එමෙන්ම මාර්ලන් සැමුවෙල්ස් ජාත්‍යන්තර තරගවලදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 152ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...