ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියාව පැරදවීමේ අරමුණින් දකුණු අප්‍රිකාව අද තරග බිමට

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන මෙවර  කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30 ට කේප් ටවුන් හි Newlands ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන්නේ සත්කාරක දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතරයි.

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා පහකදී 20යි 20 කාන්තා ලෝක ශූරතාවය ජය ගැනීමට සමත්ව තිබෙනවා.

අවසන් වරට පැවැති කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේම (2018, 2020) ශූරතාවය දිනා ගත් ඔස්ට්‍රේලියාව ඊට පෙර 2010, 2012 හා 2014 වසරවලදී ද 20යි 20 ලෝක ශූරයින් බවට පත් වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර, එහිදී සියලු තරග (තරග හතරම) ජය ගත් ඔස්ට්‍රේලියාව එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත්තා.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වූ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව පරදා ලකුණු 5 කින් ජය ගනිමිනුයි ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගත්තේ.

ඔස්ට්‍රේලියාව මෙන් මූලික වටයේ දී සියලු තරග ජය ගනිමින් දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් එංගලන්තය ලකුණු 6 කින් පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියා හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර මේ දක්වා 20යි 20 ඉතිහාසය තුළ තරග 6 ක් පවත්වා ඇති අතර, ඉන් තරග හයම ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි.

එමෙන්ම දෙරට අතර මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 15 න් තරග 14 ක් ද ජය ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි. එක් තරගයක් ලකුණු සම වීමකින් අවසන් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...