ඉතිහාසයේ පළමු වරට අලුබදුන තරගයක් හෝබාර්ට් නුවරට

Date:

අලුබදුන ටෙස්ට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෝබාර්ට්හි Bellerive Oval ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එම තරගය ද දිවා රාත්‍රී තරගයක් ලෙසයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මීට පෙර අවසන් ටෙස්ට් තරගය පර්ත් හී දී පැවැත්වීමට නියමිතව තිබුණ ද, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ පනවා ඇති විවිධ සීමා හේතුවෙන් අදාළ තරගය පර්ත් හී දී නොපැවැත්වීමට තීරණය කෙරුණා.

තස්මේනියා ප්‍රාන්තයේ දී (හෝබාර්ට් නුවර පිහිටි ප්‍රාන්තය) පිරිමි අලුබදුන ටෙස්ට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසගත වන්නේ.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ද ඇඩිලේඩ් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

5 වැනි හා අවසන් ටෙස්ට් තරගය ජනවාරි 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එය 2016 වසරෙන් පසුව හෝබාර්ට් හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...