ඇෆ්ඝනිස්තාන කාන්තා කණ්ඩායමක් ප්‍රදර්ශනාත්මක T20 තරගයක

Date:

ඇෆ්ඝනිස්තාන කාන්තා කණ්ඩායමක් (Afghanistan Women’s XI) හා Cricket Without Borders XI කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි 20 තරගයක් බ්‍රහස්පතින්දා (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙල්බර්න්හි Junction Oval ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (MCG) එදින ආරම්භ වීමට නියමිත දිවා රාත්‍රී කාන්තා අළුබදුන තරගය ආරම්භ වීමට පෙරයි.

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ පාලන බලය ලබා ගැනීමෙන් පසුව ඇෆ්ඝනිස්තාන ක්‍රීඩිකාවන් රැසක් රට හැරදා ගිය අතර, ඔවුන් මේ වන විට ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් ලෙස කැන්බරා හා මෙල්බර්න්හි රැදී සිටිනවා.

ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව ඔවුන් සියලු දෙනා එක්ව තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය බවට පත් වනු ඇති.

ඇෆ්ඝනිස්තාන කාන්තා කණ්ඩායමක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා සූදානම් කිරීමේ පළමු කුඩා පියවරක් ලෙසයි මෙම උත්සාහය සැලකෙන්නේ.

තලේබාන් පාලනය යටතට ඇෆ්ඝනිස්තානය පත් වීමෙන් අනතුරුව එරට තුළ කාත්නාවන්ට ක්‍රීඩා කටයුතුවල නිරත වීම තහනම් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...