ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලි අයර්ලන්තය අවලංගු කරයි

Date:

ඇෆ්ඝනිස්තානය සමග මෙම වසරේදී සිය රටේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි අවලංගු කිරීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් මෙම සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, මූල්‍යමය හේතු මත තරගාවලිය අවලංගු කිරීමටයි අයර්ලන්තයට සිදුව ඇත්තේ.

දේශපාලන හේතු මත ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන රටවල් ඇෆ්ඝනිස්තානය සමග ද්විපාර්ශ්වික තරග ක්‍රීඩා කිරීමෙන් වැලකී සිටින පසුබිමක හා හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ඇෆ්ඝනිස්තානයේ අයි.සී.සී සාමාජිකත්වය අත්හිටුවන ලෙසට අයි.සී.සීයට දැනුම් දී ඇති පසුබිමක අයර්ලන්තය මෙම තරගාවලි අවලංගු කිරීම කැපී පෙනෙනවා.

නමුත්, අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ මෙම අවලංගු කිරීම දේශපාලන හේතු මත නොව මූල්‍යමය ගැටලු හේතුවෙන් සිදු කළ බවයි.

අයර්ලන්ත කණ්ඩායම මැයි හා ජූනි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින හා විස්සයි 20 තරගාවලි දෙකක් ද, සැප්තැම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව විස්සයි 20 තරගාවලියක් ද සිය රටේදී ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

මූල්‍යමය හේතු මත ජාත්‍යන්තර තරගාවලි සදහා සත්කාරකත්වය දැරීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනයට බාධා එල්ල වූ පළමු අවස්ථාව ද මෙය නොවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...