ඇමෙරිකාවේ ක්යල් පිලිප්ට අයි.සී.සීයෙන් තහනමක්

Date:

ඇමෙරිකා එක්සත් ජනපදයේ වේග පන්දු යවන ක්‍රීඩක ක්යල් පිලිප්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පන්දු යැවීම තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව හදුනා ගැනීම හේතුවෙන්.

මේ දිනවල සිම්බාබ්වේ හී දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ඇමෙරිකානු සංචිතය සදහා ද ඔහු ඇතුළත්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇමෙරිකාව ක්‍රීඩා කළ පළමු තරගයේ දී ක්යල් පිලිප් කඩුලු 3 ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා.

නමුත් එම තරගයෙන් පසුව විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට පැමිණිලි කළ අතර, අනතුරුව අයි.සී.සී තරගාවලි කමිටුව විසින් ඔහුගේ ඉරියව්ව නීති විරෝධී බව තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි පන්දු යැවීමේ තහනමක් පනවා ඇති අතර, ඉදිරියේ දී යළි පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂාවකට මුහුණ දී ඉන් සමත් වුවහොත් පමණයි ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ අවස්ථාව උදා වෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...