ඇන්ඩි ෆ්ලවර් වෙනුවට මුල්තාන් වගකීම අබ්දුල් රහ්මාන්ට පැවරෙයි

Date:

පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියට ක්‍රීඩා කරන මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අබ්දුල් රහ්මාන් පත් කර තිබෙනවා.

ඔහු අවසන් වසර පහ තුළ දී කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසයි කටයුතු කළේ.

මෙතෙක් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ෆ්ලවර් කටයුතු කළා.

මේ වන විට පාකිස්තාන ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ද අබ්දුල් රහ්මාන් කටයුතු කරනවා.

ඔහු හා ඇන්ඩි ෆ්ලවර්ගේ මග පෙන්වීම යටතේ මුල්තාන් කණ්ඩායම පසුගිය අදියර තුනේ දී අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, 2021 වසරේ දී PSL ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණා.

මීට මාසයකට පමණ පෙර ඇන්ඩි ෆ්ලවර් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණා.

ඔහු 2023 වසර දක්වා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...