“ඇත්තටම කිසිදු අවස්ථාවක් නෑ” ස්මිත් බිග් බෑෂ් පිටියෙන් ඉවත් වෙයි

Date:

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ජෛව ආරක්ෂිත පරිසර තුළ රැදී සිටීමේ ගැටලු සහ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සිදු වීම නිසා ඔහු එලෙස එරට බිග් බෑෂ් ලීග් තරගාවලියෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

සිඩ්නි සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

“ඇත්තටම කිසිදු අවස්ථාවක් නැහැ” යනුවෙන් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගැන අදහස් පල කරමින් ස්ටීව් ස්මිත් සදහන් කළා.

ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටක් සහ පැට් කමින්ස් ද මෙවර තරගාවලියට එක් නොවීමට ඉඩ තිබෙනවා.

බිග් බෑෂ් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 3 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...