ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ සත්කාරක අයිතිය යටතේ එක්සත් අරාබියේ දී : ACC

Date:

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සලය (ACC) අද(27) නිල වශයෙන් නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දීර්ඝ ලෙස සිදු කෙරුණු සාකච්ඡාවලින් අනතුරුව ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය ඒකමතිකව තීරණය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සලය සදහන් කළේ.

ඒ අනුව 20යි 20 තරගාවලියක් ලෙස මෙවර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

“ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගත්තා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තරගාවලිය ගෙන යාමට තීරණය කළේ බොහෝ සාකච්ඡාවලින් පසුවයි.” යනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ශාහ් සදහන් කළා.

“තරගාවලිය පැවැත්වෙන නව රට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර, ශ්‍රී ලංකාව සත්කාරක අයිතිය තවදුරටත් රඳවා ගන්නවා. ICC 20යි 20 ලෝක කුසලානය සඳහා ආසියානු රටවල්වලට සූදානම් වීමට උපකාර වන බැවින් මෙවර ආසියානු කුසලාන තරගාවලිය අතිශයින්ම වැදගත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයට මම ස්තූතිවන්න වෙනවා ඔවුන්ගේ අවබෝධයට සහ සහයෝගීතාවට.”

ආසියානු කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ද අගෝස්තු 20 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තරග කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබනවා.

ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවල් නිතරගයෙන්ම ආසියානු කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...