ආසියානු කුසලානයට නේපාල සංචිතය නම් කෙරේ

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නේපාල සංචිතය නිවේදනය කර තිබෙනවා.

Rohit Paudel නායකත්වය දරන සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති Mousom Dhakal කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු මෙතෙක් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැතත්, නිමා වූ නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ දී නේපාල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා නොකළ Sundeep Jora සංචිතයට නම් කිරීමට ද එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී නේපාලය A කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ පාකිස්තානය හා ඉන්දියාවයි.

පාකිස්තානයට එරෙහි තරගය අගෝස්තු 30 වැනිදා මුල්තාන් හී දී ද, ඉන්දියාවට එරෙහි තරගය සැප්තැම්බර් 4 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Nepal squad:

Rohit Paudel (c), Kushal Bhurtel, Aasif Sheikh (wk), Bhim Sharki, Kushal Malla, Aarif Sheikh, Dipendra Singh Airee, Gulshan Jha, Sompal Kami, Karan KC, Sandeep Lamichhane, Lalit Rajbanshi, Pratish GC, Mousom Dhakal, Sundeep Jora, Kishore Mahato, Arjun Saud

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...