ආරෝන් ෆින්ච්ට ශල්‍යකර්මයක්

Date:

ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච්ට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අතරතුර ඔහු මුහුණ දුන් දකුණු දණහිසේ ආබාධය හේතුවෙන්.

ආබාධය නිසා ඔහුට කොදෙව්වන්ට එරෙහිව නිමා වූ පළමු එක්දින තරග දෙක ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව ෆින්ච් යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතව ඇති අතර, සෙසු ක්‍රීඩකයින් එක්දින තරගාවලිය නිමා වීමෙන් පසුව බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇති.

ආරෝන් ෆින්ච් ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව ඔහුට දින 14 ක කාලයක් නිරෝධායනයට ද ලක් වීමට සිදු වන අතර, අනතුරුව දකුණු දණහිසේ ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...