ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකාව සමග T 20 තරගාවලියක් පැවැත්වීමට ඉන්දියාව එකග වෙයි

Date:

ආර්ථික අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාව සමග පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව “ද සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය හේතුවෙන් මෙරටට විදෙස් මුදල් උපයා ගැනීමට අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමකට එරට ක්‍රිකට් ආයතනය එකගතාවය පල කර ඇති බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

මෙම තරගාවලියට 20යි 20 තරග දෙකක් ඇතුළත් වන බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරගාවලිය පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බවත් සදහන්.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට හිමිව ඇතත්, මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබූ බව වාර්තා වුණා.

මීට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අද(29) දිනයේ දී බොහෝ විට අවසන් තීරණයක් ගැනීමට ඉඩ ඇති බවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය ද අද පැවැත්වෙන අතර, එය නැරඹීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් පිරිසක් ද පැමිණෙනු ඇති බවත්, එහිදී ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිළිබද සාකච්ඡා කරනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළා.

ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කළහොත් ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 තරග දෙක ද එරට දී ම පැවැත්වීමට කටයුතු කරනු ඇති බව සදහන්.

එම 20යි 20 තරගාවලිය ආසියානු කුසලානයට පෙර හෝ පසුව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මෙරට තවත් ක්‍රීඩා වෙබ් අඩවියක් අද වාර්තා කර තිබුණේ ආසියානු කුසලාන තරගාවලිය බොහෝ විට ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇති බවයි.

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...