ආචර්ට 2021 වසරේ ඉතිරි සියලු තරගාවලි අහිමි වෙයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට මෙම වසරේ පැවැත්වෙන සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු වැලමිටෙහි ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව ඔහුට මේ වන විට ආරම්භ වී ඇති ඉන්දියාවට එරෙහි තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය, අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග, 20යි 20 ලෝක කුසලානය හා අලුබදුන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය සතියේ දී ආචර් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් අතර, ඉන් අනතුරුවයි ඔහුට මෙම වසරේ පැවැත්වෙන සියලු තරගවලින් ඉවත් වීමට සිදු වන බවට අනාවරණය වී ඇත්තේ.

2020 වසරේ සිට ආචර් මෙම ආබාධයෙන් පීඩා විදින අතර, ඒ හේතුවෙන් ඔහුට තරග කිහිපයක්ම ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

එංගලන්ත ප්‍රාන්ත සිව්දින තරගාවලියේ තරගයක් සදහා ක්‍රීඩා කරමින් ඔහු මෑතකදී යළි තරග බිමට පිවිසි නමුත්, තරගයේ අවසන් දින දෙක ද ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි වුණේ මෙම ආබාධය හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...