අර්ශ්දීප්ගේ පන්දුවකට ලිවින්ග්ස්ටන් එල්ල කළ මීටර් 97 ක දැවැන්ත හයේ පහර – ( video )

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු ලොව ජනප්‍රියම ලීග් ක්‍රිකට් තරගාවලිය පමණක් නොව රටවල් රැසක ක්‍රිකට් තරු රැසකගේ සුපිරි දක්ෂතා ද දැක ගත හැකි වේදිකාවක්.

තරගාවලියේ 32 වන තරගයේ දී ද මෙවැනි සුපිරි දක්ෂතා කිහිපයක්ම දැක ගත හැකි වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ එංගලන්ත පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගයේ දී සුපිරි හයේ පහරක් එල්ල කිරීමට සමත් වූ අතර, ඒ පිළිබද මේ වන විටත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඩුබායි ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාර මතට එල්ල කෙරුණු අදාළ හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 97ක් ලෙසයි.

රාජස්ථාන් ඉනිමේ 12 වන පන්දුවාරය යොමු කළ අර්ශ්දීප් සිංග්ට එරෙහිව එම පන්දුවාරයේ 4 වන පන්දුවට මෙම දැවැන්ත හයේ පහර එල්ල කිරීමට ලිවින්ග්ස්ටන් සමත් වුණා.

කෙසේ වෙතත්, එම පන්දුවාරයේම 5 වන පන්දුවට ලිවින්ග්ස්ටන් දැවී ගියේ ෆේබියන් ඇලන් රැකගත් සුපිරි උඩ පන්දු රැක ගැනීමක් හමුවේයි.

ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 25(17)ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...