අවිශ්ක සමත් වෙයි – දෙදෙනෙකුට එංගලන්ත සංචාරය අහිමි වීමේ අවධානමක්

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ප්‍රනාන්දු එළඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් සිදු කළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇති බව වාර්තා වනවා.

එම පරීක්ෂණය කොළඹ දී පැවැති අතර, ඉන් සමත් වීම හේතුවෙන් ඔහුට එංගලන්ත සංචාරය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇති.

අවිශ්ක මීට පෙර බංග්ලාදේශ සංචාරය සදහා පැවැති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුණා.

ඒ හේතුවෙන් ඔහුට බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද හිමි වූයේ නැහැ.

මේ අතර, මීට පෙර අප වාර්තා කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සදහා බංග්ලාදේශයේ දී පැවැති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ක්‍රීඩකයින් දෙදෙනාට එංගලන්ත තරග සංචාරය සදහා සහභාගී වීමේ අවස්ථාව මේ වන විට අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා.

එංගලන්ත සංචාරය වෙනුවෙන් එම යෝග්‍යතා පරීක්ෂණය පවත්වා ඇති බවත්, එය බංග්ලාදේශ තරගාවලිය සදහා සම්බන්ධයක් නොමැති බවත් ක්‍රිකට් බළධාරියෙකු සදහන් කළා.

වාර්තා වන ආකාරයට මෙලෙස පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් දෙදෙනායි.

ඔවුන් දෙදෙනාට ඉදිරියේ දී යළිත් වරක් යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී ඉන් සමත් වීමට සිදු වනවා.

එසේ වුවහොත් පමණක් එම ක්‍රීඩකයින්ට එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...