අවසන් මහා තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට ; කණ්ඩායම් දෙක මෙන්න

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය ඩුබායි හී දී පැවැත්වෙන අතර, අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

ඒ අනුව මෙම තරගාවලියේ දී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වාත්, අසිත ප්‍රනාන්දු වෙනුවට ප්‍රමෝද් මදුෂාන් ද පසුගිය තරගයේ දී මෙන්ම අද තරගය සදහා ද ක්‍රීඩා කරනවා.

කෙසේ වෙතත්, පාකිස්තාන කණ්ඩායම සදහා අද තරගයේ දී වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පසුගිය තරගයේ දී විවේක ගැන් වූ ශඩාබ් ඛාන් හා නසීම් ශාහ් අද තරගය සදහා කැදවා ඇත්තේ උස්මාන් කාදීර් හා හසන් අලී වෙනුවටයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Kusal Mendis(wk), Danushka Gunathilaka, Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Pramod Madushan, Maheesh Theekshana, Dilshan Madushanka

Pakistan XI :

Mohammad Rizwan(wk), Babar Azam(c), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Nawaz, Shadab Khan, Asif Ali, Haris Rauf, Naseem Shah, Mohammad Hasnain

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...