අවසන් පන්දුවේ සැලසුම හා සංඥා පුවරුවේ රහස ගැන චරිත් පැවසූ දේ

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරට ක්‍රීඩාංගනවල තණතීරු කියවීමේ දී සිදු වූ දුර්වලතා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේ දී වාසි සහගත වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල පිතිකරු චරිත් අසලංක පවසනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහි සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමින් ඓතිහාසික එක්දින තරගාවලියක් ජය ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්මින් ඔහු ඒ බව සදහන් කළා.

කාසියේ වාසිය දිනා ගනිමින් ඔස්ට්‍රේලියාව ගත් ඇතැම් තීරණ ශ්‍රී ලංකාවට වාසි සහගත වූ බවයි චරිත් අසලංක විශ්වාස කරන්නේ.

සිව්වැනි තරගයේ දී ලකුණු 110ක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට අසලංක සමත් වුණා.

දසුන් ශානකගේ දුවද්දී දැවී යාම සිදු නොවුණේනම් තවත් ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අවස්ථාව තිබූ බවත්, එම දුවද්දී දැවී යාමේ වගකීම සම්පූර්ණයෙන්ම තමා භාර ගන්නා බවත් චරිත් අසලංක මාධ්‍ය හමුවේ සදහන් කළා.

හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට බෙහෙවින් දායක වූ බව මෙහිදී අසංලක සිහිපත් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකිමින් සිටියදී ක්‍රීඩක විවේකාගාරය තුළ යම් සංඥා පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කර තිබු බවක් දක්නට ලැබුණා.

පන්දු රකිමින් සිටි ක්‍රීඩකයින්ට කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් පණිවිඩ යොමු කිරීම සඳහා මෙම ක්‍රමවේදය යොදා තිබූ බවයි දක්නට ලැබුණේ.

මේ සම්බන්ධයෙන් තරගයෙන් පසුව චරිත් අසලංකගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් අසලංක සඳහන් කළේ එම පුවරු සම්බන්ධයෙන්  තමා දැනුවත් වී නොමැති බවයි.

අදාල පුවරු පිළිබඳ අවබෝධයක් ඇත්තේ කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ දත්ත විශ්ලේෂකවරයාට බවයි චරිත් අසලංක පෙන්වා දුන්නේ.

ඊයේ තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයට එක් කඩුල්ලක් අතැතිව ලකුණු 19 ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවට අවශ්‍ය වුණා.

කෙසේ වෙතත් දසුන් ශානක යොමු කළ එම පන්දුවාරයේ පළමු පන්දු 5 තුළ ලකුණු 14 ක් රැස්කිරීමට මැතිව් කුහ්නෙමන්  සමත් වුණා. ඒ අනුව අවසන් පන්දුවට තරගය ජය ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය වුණේ ලකුණු පහක් පමණයි.

කෙසේ වෙතත් දැඩි පීඩනයක් සහිතව යොමු කළ අවසන් පන්දුවේදී මැතිව් කුහ්නෙමන් දවා ගැනීමට දසුන් සමත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට තරගයේ ජය හිමි වුණා.

එම පන්දුව යොමු කිරීමට පෙර කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර පැවති සැලසුම කුමක්දැයි මාධ්‍ය හමුවේ දී චරිත් අසලංකගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

එහිදී අසලංක සඳහන් කර සිටියේ පසුපෙළ පිතිකරුවන් වේගය අඩාල කර යොමු කරන පන්දු සඳහා හොඳින් මුහුණ නොදෙන බැවින් අවසන් පන්දුව වේගය අඩාල කළ පන්දුවක් යොමු කිරීමට සැලසුම් කළ බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...