අවසන් පන්දුවේ නාටක මැද බංග්ලාදේශයට ලකුණු 3ක තියුණු ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගයෙන් සිම්බාබ්වේ පරදා ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(30) සමත් වුණා.

බ්‍රිස්බේන් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 151 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.

තරගය ජය ගැනීම සදහා මොසඩෙක් හොසේන් යොමු කළ අවසන් පන්දුවේ දී ලකුණු 5 ක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට අවශ්‍ය වූ අතර, එම පන්දුවට සාර්ථක පහරක් එල්ල කිරීමට බ්ලෙසින්ග් මුසරබානිට හැකි වූයේ නැහැ. පිත්තේ නොවැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක නුරුල් හසාන් විසින් රැක ගෙන කඩුල්ල බිද දමමින් මුසරබානිව ස්ටම්ප් කිරීමකට හසු කර ගනිමින් දවා ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගය ලකුණු 4 කින් ජය ගනිමින් ජයග්‍රහනයේ සතුට සැමරනු ලැබුවා. කෙසේ වෙතත්, අවසන් පන්දුව කඩුලු රකින ක්‍රීඩකයා විසින් කඩුල්ලට ඉදිරියෙන් සිය අත රදවා ගනිමින් රැක ගැනීම හේතුවෙන් එම පන්දුව නිපන්දුවක් ලෙස තුන්වන විනිසුරු විසින් නම් කරනු ලැබුවේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගනය තුළින් ඉවතට ද ගොස් තිබූ පසුබිමකයි.

ඒ අනුව අවසන් පන්දුවේ දී ලකුණු 4 ක් ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ අතර, නිපන්දුවක් යොමු කර තිබූ බැවින් එය නිදහස් පහරක් බවට ද පත් වුණා. නමුත්, එම අවසන් පන්දුව ද පිත්තේ නොවදිමින් කඩුලු රකින්නා වෙත ඇදී ගියේ තරගයේ ජය ලකුණු 3 කින් බංග්ලාදේශයට හිමි කර දෙමින්.

මුල් පෙල පිතිකරුවන්ගෙන් ඉනිමට සැලකිය යුතු දායකත්වයක් නොලැබුණු පසුබිමක ශෝන් විලියම්ස් පන්දු 42 කින් ලකුණු 64 ක් ලබා ගත්තා. 19 වැනි පන්දුවාරයේ දී ඔහු දුවද්දී දැවී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. Ryan Burl නොදැවී ලකුණු 27යි.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 19 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත්තා. මොසඩෙක් හොසේන් ලකුණු 34 කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය ලකුණු 150 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරු නජ්මුල් හොසේන් ශන්ටෝ පන්දු 55 කින් ලකුණු 71 ක් රැස් කළා. අෆි‍ෆ් හොසේන් ලකුණු 29 ක් ද, ශකිබ් අල් හසාන් ලකුණු 23 ක් ද රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී රිචර්ඩ් නගරාවා ලකුණු 24 කට කඩුලු 2 ක් ද, බ්ලෙසින්ග් මුසරබානි පන්දුවාර 2 ක් තුළ ලකුණු 13 කට කඩුලු 2ක් ද දවා ගත්තා.

අවසන් පන්දුවාරයේ හා අවසන් පන්දුවේ දර්ශන කිහිපයක් පහතින් –

Previous article
Next article

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...