අවවාද කිරීමක් සමග ධනිෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහුට එරෙහිව එල්ල වූ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණය පසුගිය 28 වැනිදා ගත් තීන්දුවත් සමගයි.

ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිඩ්නි නුවර දී කාන්තාවකට අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනිෂ්කට එරෙහිව පසුගිය නොවැම්බර් මාසයේ දී ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කර තිබුණා.

විනිසුරු සිසිර රත්නායක (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), නීතීඥ නිරෝෂණ පෙරේරා සහ නීතීඥ අසේල රැකව යන මහත්වරුන්ගෙන් සමන්විතව මෙම ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව විසින් ධනිෂ්කට එරෙහි ක්‍රිකට් තහනම ඉවත් කිරීමට නිර්දේශ කර ඇත්තේ ධනිෂ්කට එල්ල වූ චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය ගත් තීන්දුව පිළිබද ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුවයි.

ඔහුගේ ක්‍රිකට් අනාගතය හා ශ්‍රී ලංකාවට එහි ඇති බලපෑම පිළිබද සලකා බලා මෙම නිර්දේශය එම කමිටුවේ සාමාජිකයින් විසින් ඒකමතිකව ලබා දී තිබෙනවා.

ඒ අනුව අවවාද කිරීමකට ද යටත්ව එම නිර්දේශය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අනුමැතිය ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

මෙම නඩුව හේතුවෙන් ධනිෂ්කට මාස 11 ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට සිදු වූ අතර, නඩු තීන්දුව ලබා දීමත් සමග ඔහු පසුගිය 3 වැනිදා යළි දිවයිනට පැමිණියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...