අලුබදුන අවසානයේ සාදයක් පැවැත් වූ ක්‍රීඩකයින් ගැන එංගලන්තයෙන් විමර්ශන

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසුව ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ දී ක්‍රීඩකයින් පිරිසක් සාදයකට එක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැති පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය නිමා වූ දිනයට පසුදින අලුයම් කාලය වන තුරු අදාළ සාදය පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ක්‍රීඩකයින් ඔවුන්ගේ කාමර වෙත යැවීම සදහා එරට පොලීසියට ද මැදිහත් වීමට සිදුව තිබූ බව සදහන්.

ඊට අදාළ වීඩියෝ පටයක් ද ඔස්ට්‍රේලියාවේ Sydney Morning Herald පුවත්පත විසින් නිකුත් කර තිබුණා.

එංගලන්ත නායක ජෝ රූට්, ජේම්ස් ඇන්ඩර්සන් මෙන්ම ඔස්ට්‍රේලියාවේ නේදන් ලියෝන්, ට්‍රැවිස් හෙඩ් හා ඇලෙක්ස් කෙරී යන ක්‍රීඩකයින් ද අදාළ අවස්ථාවට සම්බන්ධ වී සිටින අයුරු එම වීඩියෝ පටයේ සටහන්ව තිබෙනවා.

ඇතැම් ක්‍රීඩකයින් සිය ටෙස්ට් ඇදුමෙන් සැරසී සිටීම ද විශේෂත්වයක්.

හෝටලයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු විසින් දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් පවතින බව පවසමින් කළ පැමිණිල්ලකට අනුවයි එම ස්ථානයට පොලීසිය පැමිණ ක්‍රීඩකයින් ඔවුන්ගේ කාමර වෙත යොමු කර තිබුණේ.

සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන –

https://twitter.com/DennisCricket_/status/1483279744321789959

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...