අලුත් මුහුණු එක්ක අලුත් වුණු ලෝක කුසලානයේ විස්තර විචාරකයින් මෙන්න – ලංකාවෙන් 4 ක්

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක මඩුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(6) නිවේදනය කළා.

ප්‍රවීන විස්තර විචාරකයින් වන රවී ශාස්ත්‍රී, නසාර් හුසේන්, ඉයන් ස්මිත් හා ඉයන් බිෂෝප් මෙවරත් විස්තර විචාරක මඩුල්ලට ඇතුළත්.

විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ඇති ආරෝන් ෆින්ච්, දිනේෂ් කාර්තික්, කුමාර් සංගක්කාර, ඇන්ජෙලෝ මැතිව්ස්, සැමුවෙල් බද්‍රී, රොබින් උතාපා හා කාර්ලස් බ්‍රැත්වෙයිට් ද විස්තර විචාරක කමිටුවට ඇතුළත් බවයි අයි.සී.සීය සදහන් කළේ.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරතාවය දිනූ දකුණු අප්‍රිකා ටෙස්ට් නායක ටෙම්බා බවුමාගේ හඩ ද මෙවර රූපවාහිනී තිරයෙන් ප්‍රේක්ෂකයින්ට ඇසෙනු ඇති.

ලෝක කුසලාන තරගාවලිය හෙට (7) සිට ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

List of commentators for ICC Men’s T20 World Cup 2026:

Ravi Shastri, Nasser Hussain, Ian Smith, Ian Bishop, Aaron Finch, Dinesh Karthik, Kumar Sangakkara, Samuel Badree, Robin Uthappa, Carlos Brathwaite, Eoin Morgan, Wasim Akram, Sunil Gavaskar, Matthew Hayden, Ramiz Raja, Dale Steyn, Michael Atherton, Waqar Younis, Simon Doull, Shaun Pollock, Katey Martin, Harsha Bhogle, Mpumelelo Mbangwa, Natalie Germanos, Danny Morrison, Alan Wilkins, Ian Ward, Mark Howard, Nick Knight, Athar Ali Khan, Kass Naidoo, Bazid Khan, Raunak Kapoor, Niall O’Brien. Preston Mommsen, Andrew Leonard, Russel Arnold, Roshan Abeysinghe, Angelo Mathews, Temba Bavuma

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...