අයියර්ගේ හා ත්‍රිපාතිගේ සුපිරි ප්‍රහාරය හමුවේ මුම්බායි පිලට දරුණු පරාජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34 වන තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(23) සමත් වුණා.

අබුඩාබි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඔයින් මෝර්ගන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මුම්බායි කණ්ඩායම පසුගියදා ක්‍රීඩා කළ තරගයට එක් නොවූ නායක රෝහිට් ෂර්මා මෙම තරගය සදහා ක්‍රීඩා කළා.

  • මුම්බායි ඉන්දියන්ස් 155/6 (20)

මුම්බායි ඉනිම ආරම්භ කළ රෝහිට් ෂර්මා හා ක්වෙන්ටන් ඩී කොක් පළමු කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 78ක්.

ෂර්මා ලකුණු 33කට දැවී ගිය අතර, ඩී කොක් ලකුණු 55ක් රැස් කළා. පන්දු 42කින් වාර්තා වූ ඩී කොක්ගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 4කින් වර්ණවත් වුණා.

මුම්බායි ඉනිමට එවැනි ශක්තිමත් ආරම්භයක් හිමි වුවද, සිය කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට මැද පෙල පිතිකරුවන්ට හැකි වූයේ නැහැ.

අංක 3 පිතිකරු සූර්යකුමාර් යාදෙව් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි.

කිරන් පොලාඩ් ලකුණු 21කට දුවද්දී දැවී ගිය අතර, ඉෂාන් කිෂාන් ලකුණු 14කට දැවී ගියා. කෘනාල් පාන්ඩ්යා ලකුණු 12ක් ලබා ගත්තා.

මැදපෙල පිතිකරුවන් අතර හොද සබදතා ගොඩ නැගීමක් මෙම ඉනිමේ දී දැකගත හැකි වූයේ නැහැ.

ඒ අනුව මුම්බායි ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 155කට සිමා වුණා. ඒ, පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ද මෙම තරගය සදහා ලැබී තිබූ පසුබිමකයි.

පන්දු යැවීමේ දී ලුකී ෆර්ගියුසන් හා ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, සුනිල් නාරායන් එක් කඩුල්ලක් දවා ගත්තා.

  • කොල්කටා නයිට් රයිඩර්ස් 159/3 (15.1)

පිළිතුරු ඉනිම ආරම්භ කළ කොල්කටා පිල වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 40ක සබදතාවයක් ගොඩ නැගීමට ෂුබ්මන් ගිල් හා වෙන්කටේෂ් අයියර් සමත් වුණා. ෂුබ්මන් දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. ඒ, ලකුණු 13ක් රැස් කර සිටියදීයි.

සිය මංගල අයි.පී.එල් අර්ධ ශතකය වාර්තා කිරීමට අයියර් සමත් වූ අතර, ඒ සදහා ඔහු වැය කළේ පන්දු 25ක් පමණයි. බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු ද දැවී ගිය අතර, ඒ වන විට වෙන්කටේෂ් අයියර් රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 53ක්. ඊට හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඇතුළත්.

රාහුල් ත්‍රිපාති පන්දු 29කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළා. ඔහු නොදැවී ලකුණු 74ක් ලබා ගත්තේ පන්දු 42ක් පමණක් වැය කරමින්.

හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් ඔහු සිය ඉනිමට අන්තර්ගත කළා.

නායක ඔයින් මෝර්ගන් මෙම තරගයේ දී ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි. එම කඩුල්ලේ ද හිමිකරුවා වුණේ ජස්ප්‍රිට් බුම්රා.

ඒ අනුව කොල්කටා කණ්ඩායම පන්දුවාර 15.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කළා.

රෝහිට් ෂර්මාගේ කඩුල්ල දවා ගනිමින් ලකුණු 20ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන් කොල්කටා පිලේ සුනිල් නාරායන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...