අයර්ලන්ත පසුපෙල සටන අභිබවා ජොෂ්ගේ මංගල කඩුලු 5 හමුවේ එංගලන්තයට කඩුලු 10 ජයක්

Date:

සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ජොෂ් ටොන්ග් දවා ගත් කඩුලු 5 හමුවේ අයර්ලන්තය සමග පැවැති සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනයේ දී ම අවසන් කරමින් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද(3) සමත් වුණා.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා එංගලන්තයට දෙවැනි ඉනිමේ දී ලකුණු 11 ක ඉලක්කයක් හිමි වූ අතර, සැක් ක්‍රව්ලි එංගලන්ත ඉනිමේ පළමු පන්දු 4 තුළ දී හතරේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට තහවුරු කර දුන්නා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 97 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 362 ක්.

හැරී ටෙක්ටර් ලකුණු 51 ක් හා ලෝකන් ටකර් ලකුණු 44 ක් ලබා ගත්තා. 6 වැනි කඩුල්ල ලකුණු 162 දී බිද වැටුණු පසුබිමක 7 වැනි කඩුල්ල සදහා ලකුණු 163 (165) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඇන්ඩි මැක්බ්‍රයන් හා මාර්ක් අඩයර් සමත් වුණා.

මැක්බ්‍රයන් නොදැවී ලකුණු 86 ක් ලබා ගත්තා. අඩයර් පන්දු 76 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. පන්දු යැවීමේ දී ජොෂ් ටොන්ග් කඩුලු 5 ක් බිද හෙලුවේ ලකුණු 66 ක් ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 172 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 524 ක් ලබා ගත්තා. එංගලන්ත ඉනිම වෙනුවෙන් ඔලී පෝප් ලකුණු 205 ක් රැස් කළා. බෙන් ඩකට් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 182 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...