අබුඩාබි T 10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8ක්

Date:

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Draft) ඊයේ(7) රාත්‍රියේ සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු විවිධ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් වෙත තෝරා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව මෙවර තරගාවලියට ක්‍රීඩා කරන සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන 8ක් දක්වා ඉහළ යනවා.(රදවා ගත් දෙදෙනාද සමගින්)

ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෝරා ගනු ලැබුවේ මරාත ඇරබියන්ස් කණ්ඩායම විසිනුයි.

එම කණ්ඩායම තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු සිය කණ්ඩායම වෙත හිමි කර ගත්තා. එනම්, දුෂ්මන්ත චමීර, ධනංජය ලක්ෂාන් හා  චාමික කරුණාරත්නයි.

නොදන් වොරියර්ස් කණ්ඩායම විසින් උපුල් තරංග සිය කණ්ඩායමට තෝරා ගත් අතර, යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසිනුයි තෝරා ගනු ලැබුවේ.

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් මීට පෙර කණ්ඩායමේ රදවා ගැනීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම වනිදු හසරංග රදවා ගැනීමට තීරණය කර තිබුණේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් (Deccan Gladiators) කණ්ඩායමයි.

මොයීන් අලී (නොදන් වොරියර්ස්), ඉම්රාන් තහීර් (නොදන් වොරියර්ස්), මොහොමඩ් අමීර් (බංග්ලා ටයිගර්ස්), ජේම්ස් ෆෝල්ක්නර් (බංග්ලා ටයිගර්ස්) , ශහිඩ් අෆ්රිඩි (බංග්ලා ටයිගර්ස්), එවින් ලුවිස් (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්), ෆෆ් ඩු ප්ලෙසිස් (බංග්ලා ටයිගර්ස්), ලියිම් ලිවින්ග්ස්ටන්(ටීම් අබුඩාබි), ක්‍රිස් ගේල් (ටීම් අබුඩාබි), කොලින් ඉන්ග්‍රෑම් (ටීම් අබුඩාබි), ඇන්ඩ්‍රි රසල් (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්) , යුසුෆ් පතාන් (මරාත ඇරබියන්ස්) වැනි ක්‍රීඩකයින් ද මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...