“අපි ශූරයින්ගේ කුසලානයට යන්නේ ශූරයින් වෙන්නයි” : නජ්මුල් හොසේන් ශන්තෝ

Date:

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සිය කණ්ඩායම සහභාගී වන්නේ ශූරයින්ගේ වීමේ අරමුණ ඇතිව බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන් ශන්තෝ පවසනවා.

මෑත කාලයේදී බංග්ලදේශය එක්දින තරග රටාවෙන් සැලකිය යුතු දක්ෂතා දක්වා නොමැති පසුබිමක් මතයි ඔහු මේ බව සදහන් කර ඇත්තේ.

2023 වසරේ සිට බංග්ලාදේශය එක්දින තරග 41 ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 24 ක් පරාජයට පත් වුණා.

“අපි ශූරයින්ගේ කුසලානයට යන්නේ ශූරයින් වෙන්න.” යනුවෙන් නජ්මුල් සදහන් කළා.

“මෙම තරඟාවලියේ ශූරයින් වීමට කණ්ඩායම් අටම සුදුසුයි. ඔවුන් සියල්ලන්ම උසස් තත්ත්වයේ කණ්ඩායම්. අපේ කණ්ඩායමට හැකියාව ඇති බව මම විශ්වාස කරනවා. කිසිවෙකුට අමතර පීඩනයක් දැනෙන්නේ නැහැ. සෑම කෙනෙකුටම සැබවින්ම ශූරයන් වීමට අවශ්‍ය අතර ඔවුන්ගේ හැකියාවන් විශ්වාස කරනවා.

“අල්ලාහ් අපගේ ඉරණමෙහි ලියා ඇත්තේ කුමක්දැයි අපි දන්නේ නැහැ. අපි වෙහෙස මහන්සි වී වැඩ කරමින් අපගේ උපරිමය කරමින් සිටිනවා. අපගේ ඉලක්කය සපුරා ගත හැකි යැයි මම විශ්වාස කරනවා”

පෙබරවාරි 19 වැනිදා ආරම්භ වන ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම “ඒ” කණ්ඩයෙන් තරග වදින අතර, එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඉන්දියාව, පාකිස්තානය හා නවසීලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...