අපරාධ චෝදනාවක් නිසා පාකිස්තාන සුපිරි ක්‍රීඩකයාට තරග තහනමක්

Date:

පාකිස්තාන ක්‍රීඩක හයිඩර් අලි සම්බන්ධයෙන් ග්‍රේටර් මැන්චෙස්ටර් පොලිසිය විසින් අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විමර්ශනයේ ප්‍රතිඵලය ලැබෙන තුරු පාකිස්තාන ක්‍රිකට් ආයතනය (PCB) විසින් ඔහුට එරෙහිව තාවකාලිකව ක්‍රිකට් තහනමක් පැනවීමටයි තීරණය කර ඇත්තේ.

සිදුව ඇති අපරාධය පිළිබඳ විස්තර කිසිවක් මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නැහැ.

කෙසේ වෙතත්, ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ හයිඩර් මේ වන විට එක්සත් රාජධානියේ පොලිස් අත්අඩංගුවේ නොසිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

පසුගිය සඳුදා නිමා වූ පාකිස්තාන ෂහීන්ස් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අතරතුර සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ද නිවේදනයක් නිකුත් කරමින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය පුරා ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හයිඩර්ට නීතිමය සහය ලබා දෙන බවයි PCB සදහන් කර ඇත්තේ.

“PCB එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියාදාමයන්ට ගරු කරන අතර විමර්ශනය නිසි ලෙස සිදු කිරීමට ඉඩ දීමේ වැදගත්කම පිළිගනී. ඒ අනුව, විමර්ශනයේ ප්‍රතිඵලය ලැබෙන තෙක්, හයිඩර් අලිට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට PCB තීරණය කර ඇත. නීතිමය ක්‍රියාදාමයන් අවසන් වූ පසු සහ සියලු කරුණු තහවුරු වූ පසු, අවශ්‍ය නම්, PCB හට එහි චර්යාධර්ම සංග්‍රහය යටතේ සුදුසු පියවර ගැනීමට අයිතිය ඇත.” යනුවෙන් PCB නිකුත් කළ නිවේදනයේ සදහන්.

24 හැවිරිදි හයිඩර්, පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 2ක් සහ T20 තරග 35ක් ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...