අද තරගයේ දී ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 2ක් ? මහේලගේ අවසන් තරගයත් අද

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරඟය අද(22) පැවැත්වෙනවා.

තරගය නෙදර්ලන්තයට එරෙහිව සාජා ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ශ්‍රී ලංකාව මේ වන විටත් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාව අද තරගයෙන් පරාජයට පත්වුව ද A කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට වැඩි අවස්ථාවක් ඔවුන්ට හිමිව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් මේ වන විට පවත්වාගෙන යන බැවින්.

පළමු තරඟවලදී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වීම කැපී පෙණුනා.

ඒ අනුව සුපිරි 12 වටයට පෙර මුල් පෙළ ස්ථාවර කර ගැනීමට ශ්‍රී ලංකාවට ලැබෙන අවසාන අවස්ථාව අද තරගයයි.

බොහෝවිට පසුගිය තරග කිහිපයේදීම අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට චරිත් අසලංක කණ්ඩායමට කැඳවීමට ඉඩ තිබෙනවා. එසේ වුවහොත් ඔහු අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කරනු ඇති.

පිතිකරණ ලැයිස්තුවේ වෙනත් කිසිදු වෙනසක් අද තරගයේ දී අපේක්ෂා කළ නොහැකියි.

සුපිරි 12 වටය යටතේ ඉදිරියේදි තරග රැසක් පවතින බැවින් ඇතැම්විට වේග පන්දු යවන්නන්ට විවේකයක් ලබා දීමට ද අද තරගයේ දී අවධානය යොමු වනු ඇති.

ඒ අනුව ළහිරු කුමාර හෝ දුෂ්මන්ත චමීර වෙනුවට බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට අද තරගයේ දී ඉඩ තිබෙනවා.

ධනංජය ද සිල්වා සහ අකිල ධනංජය ද ශ්‍රි ලංකා ප්‍රධාන සංචිතය සමගින් එරට රැඳී සිටිනවා.

නෙදර්ලන්ත කණ්ඩායම මේ වන විටත් තරගාවලියෙන් ඉවත්ව ඇති බැවින් තරගාවලිය ගෞරවාන්විත ලෙස අවසන් කිරීමට ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව අද තරගයයි.

පළමු තරඟයේ දී ඔවුන්ගේ පිතිකරුවන් අයර්ලන්තය හමුවේ අසාර්ථක වූ අතර, දෙවැනි තරගයේ දී නැමීබියාවට එරෙහිව ලබාදුන් ඉලක්කය සාර්ථක ලෙස ආරක්ෂා කර ගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නන්ට හැකි වූයේ නැහැ.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන මහතා කණ්ඩායම සමග රැදී සිටින අවසන් තරගය අද තරගයයි.

මෙම තරගයෙන් පසුව ඔහු යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව තිබෙනවා.

මහේල පසුගිය මාස 4ක 5ක කාලය තුළ ජෛව ආරක්ෂිත බුබුලු තුළ අඛණ්ඩව රැදී සිටීම ඔහු මෙලෙස යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට හේතු වී තිබෙනවා.

  • අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම –

පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිදු හසරංග, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර

මේ අතර, A කාණ්ඩයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම තෝරා ගැනීම සදහා වන තීරණාත්මක තරගයක් අද පස්වරු 3.30ට සාජා ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි. ඒ, නැමීබියාව හා අයර්ලන්තය අතරයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ශ්‍රී ලංකාව සමගින් සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...