අඛණ්ඩව තෙවැනි වරටත් LPL ශුරතාවය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය අඛණ්ඩව තෙවැනි වරටත් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(23) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 18 කින් ලකුණු 36 ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50 ක් රැස් කරමින් ඉනිමේ නැංගුරම බවට පත් වුණා. සධීර සමරවික්‍රම ලකුණු 44යි. ෂොයිබ් මලික් ලකුණු 10 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත්තා. බෙනී හවෙල් ලකුණු 17 කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් පිලේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබා ගනිමින්.

නිශාන් මදුෂංක එක් ලකුණකට දැවී ගියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 49 ක් රැස් කළේ පන්දු 40 කින්. චරිත් අසලංක ලකුණු 31 යි. රවී බොපාරා පන්දු 33 කින් නොදැවී ලකුණු 47 ක් රැස් කරමින් සිය කණ්ඩායම ලකුණු 160 සීමාව පසු කර රැගෙන යාමට සමත් වුණා. මොහමඩ් නබී ලකුණු 15 කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 12කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී තිසර පෙරේරා, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...